ජගත් පරිසර දිනය අදට (05) යෙදී තිබේ.එහි ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.
“දේශගුණික ක්‍රියාකාරිත්වයන් සඳහා ගෝලීය කැඳවීම” යන්න මෙවර ජාත්‍යන්තර පරිසර දින තේමාව ලෙස නම් කර ඇති අතර, ශ්‍රී ලංකාව “දලුලන්න ඉඩ දෙන්න – දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළ ගැසෙමු” යන තේමාව යටතේ පරිසර දිනය සමරයි.
ජගත් පරිසර දිනයට සමගාමීව මැයි 30 සිට ජූනි 05 දක්වා පරිසර සතියක් ප්‍රකාශයට පත් කර තිබූ අතර, එම සතිය නිමිත්තෙන් පරිසර අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතන විසින් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණි.
ඒ අනුව මෙවර පරිසර දිනයට සමගාමීව රිටිගල රක්ෂිතය, අලියාවැටුණු වැව රක්ෂිතය, බුලෑගල රක්ෂිතය, කෝන්කැටියාව රක්ෂිතය සහ කල්ලන්චිය වනාන්තරය යන වනාන්තර පහ රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. එමෙන්ම ‘කුඩා බුබුළ’ දිය උල්පත් රක්ෂිතය ද නව රක්ෂිතයක් ලෙස නම් කර ඇත.
එම රක්ෂිත පහ ද ඇතුළුව ‘වනස්පති’ වැඩසටහන යටතේ 2025 වසරේ සිට මේ දක්වා වනාන්තර 81ක් රක්ෂිත බවට පත් කර ඇති අතර මෙවර රක්ෂිත ලෙස නම් කෙරෙන වනාන්තර පහම අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර ඒවායේ සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර් 2,169ක් පමණ වේ.
පරිසර පද්ධති ආරක්ෂා කිරීම සහ වනාන්තර විනාශය වැළැක්වීමේ අරමුණින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති අතර, ඒ අතර “වන සුරැකුම” නව වැඩසටහන ද මේ අතරින් විශේෂ වේ. , වන විනාශය පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා 1995 ක්ෂණික දුරකථන අංකය හඳුන්වා දී තිබේ.
ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්ෂක අංශවල සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.


