දිවයිනට බලපා තිබෙන හදිසි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විනාශ වූ සියලු මාර්ග සහ පාලම් කඩිනමින් යථා තත්ත්වයට පත්කිරිම මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කරන බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එලෙස විනාශ වූ ස්ථාන නැරඹීමට අවට මහජනතාව පැමිණෙන බවට නිරීක්ෂණය වී ඇත. එසේ පැමිණිම ඉතා අනාරක්ෂිත තත්ත්වයක් බැවින් , විනාශයට පත් පාලම් , මාර්ග ඇතුලු අනාරක්ෂිතව පවතින සථාන නැරඹීමට පැමිණීමෙන් වළකින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.


