ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහයෝගය දැක්වීම සදහා පකිස්ථාන නාවික හමුදාවට අයත් PNS SAIF නෞකාව කොළඹ වරායට පැමිණියේය.

ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහයෝගය දැක්වීම සදහා පකිස්ථාන නාවික හමුදාවට අයත් PNS SAIF නෞකාව කොළඹ වරායට පැමිණියේය.
අධික වර්ෂාපතනය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණි මාවිල් ආරු වැවේ, වැව් බැම්මේ කොටසක් ඊයේ (30) කැඩී යාමෙන්, ප්‍රදේශයේ ඇතිවී ඇති ගංවතුර ආපදාවෙන් පීඩාවට පත් ජනතාව මුදාගැනීමේ හා සහන සැලසීමේ මෙහයුම් නොවැම්බර් 30 දින පුරා නාවික හමුදාව අඛණ්ඩ සිදුකරමින් සිටියි.
ගැඹුරු පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට, උතුරු දෙසට ගමන් කරමින් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අධි අවදානම් කලාප වල ගංවතුරට නිරාවරණය වුණු සියලුදෙනා මී උණ රෝගයට ගොදුරු විය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස විශේෂඥ වෛද්‍ය තුෂානි දඹරේරා මහත්මිය සඳහන් කරයි.
ඇතිව තිබෙන ගංවතුර හා නාය යෑම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍ී ලාංකිකයින්ගේ සහන සේවා කළමනාකරණය කිරීම සහ විධිමත් කිරීමට විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ හදිසි සම්බන්ධීකරණ ඒකකයක් ස්ථාපිත කර ඇත.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇති වී ඇති ජාතික ආපදා තත්වය මත, නාවික හමුදාව මුළු දිවයිනම ආවරණය වන පරිදි ආපදා සහන මෙහෙයුම් 2025 නොවැම්බර් මස 22 දින සිට සිදුකරනු ලබයි.
අපි රටක් ලෙස මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ විශාලතම සහ අභියෝගාත්මක ස්වභාවික ව්‍යසනයට බව අපි දන්නවා. ඒ වගේම අපි දියත් කොට ඇත්තේ මෙරට ඉතිහාසයේ අභියෝගාත්මකම ගලවා ගැනීමේ මෙහෙයුම බවත් අපි දන්නවා.
ඇති වූ ආපදා තත්වය හේතුවෙන් රම්බොඩ ප්‍රදේශයේ සිර වී සටි විදේශ සංචාරකයන් පිරිසක් මුදවාගෙන විශේෂ ගුවන් යානයකින් කොළඹට ගෙනඑන ලදී.
ආපදා තත්ත්වය හමුවේ මෙරට ද්විතීයික, තෘතියික සහ විශේෂිත රෝහල්වල මෙන්ම සමස්ත සෞඛ්‍ය පද්ධතියේම ක්‍රියාකාරීත්වය සිදුවන ආකාරයත්, රෝගී ප්‍රතිකාර සේවා, ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය, කාර්ය මණ්ඩල ගැටළු, රෝහල් පද්ධතියට අදාළ යටිතල පහසුකම් මෙන්ම සුභ සාධන සේවා පිළිබඳව ඉතා පුළුල්ව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශ පරීශ්‍රයේ පිහිටුවා ඇති ජාතික සෞඛ්‍ය ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව මුදා ගැනීම් සහ සහන සේවා කටයුතු සඳහා ප්‍රමුඛතාව ලබා දෙන අතරම ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අත්‍යවශ්‍ය මූලික යටිතල පහසුකම් යළි ස්ථාපිත කිරීමට ඉහළ අවධානයක් යොමු කරන ලෙසත්, ඒ සඳහා සියලු දෙනා අතර මනා සම්බන්ධීකරණයෙන් යුත් ඒකාබද්ධ මෙහෙයුමක් අවශ්‍ය බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.
පවතින ආපදා තත්ත්වය තුළ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම උදෙසා ක්‍රියාත්මක අත්‍යවශ්‍ය සේවා හි නිරත රජයේ සහ පුද්ගලික අංශයේ නිලධාරීන් සහ වෘත්තිකයන්ගේ දරුවන් රැකබලා ගැනීම වෙනුවෙන් හෙට (01) වන දින සිට ආරක්ෂිත බව තහවුරු කරන ලද දිවා සුරැකුම් මධ්‍යස්ථාන නැවත ආරම්භ කරන මෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සියලුම දිවා සුරැකුම් මධ්‍යස්ථාන භාර නිලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ ඇති අපදා තත්ත්වයට අනුව ග්‍රාම සේවා වසම් 382කට අයත් පවුල් 50,954ක පුද්ගලයින් 214,040ක් ආපදාවට ලක්වී ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා පවසයි.
ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් අත්‍යවශ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය කාර්යාලය කේන්ද්‍ර කර ගනිමින් ‘අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලයක්’ ස්ථාපිත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී තිබේ.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.