ඇතිව තිබෙන ගංවතුර හා නාය යෑම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍ී ලාංකිකයින්ගේ සහන සේවා කළමනාකරණය කිරීම සහ විධිමත් කිරීමට විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ හදිසි සම්බන්ධීකරණ ඒකකයක් ස්ථාපිත කර ඇත.
විදේශයන්හි පිහිටි ශ්‍රි ලංකා දුත මණ්ඩලවලින් , ශ්‍ී ලංකාවේ විදේශ රාජ්‍ය තාන්ත්‍රික ආයතවලින් සහ අනෙකුත් පාර්ශවකරුවන්ගෙන් ලැබෙන ආධාර සම්බන්ධීකරණය කිරීම සඳහා මෙම හදිසි සම්බන්ධීකරණ ඒකකය කේන්ද්‍රිය ස්ථානයක් ලෙස ක්‍රියාත්මක වේ.
සියලුම අධාර ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රජාවන්ගේ යහපත වෙනුවෙන් යොමු කරන අතර එම ක්‍රියාවලියේ විනිවිදභාවය සහ වගවීම සහතික කෙරේ.
තවද විදේශයන්හි ජීවත්වන ශ්‍ී ලංකික ජාතිකයින්ට ආපදාවෙන් පීඩාවට පත් ප්‍රදේශවල සිටින ඔවුගේ ඥාතීන් සමඟ සම්බන්ධ වීමටද මෙම ඒකකය මඟින් සිදුකෙරේ.
මෙම සම්බන්ධීකරණ ඒකකය ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය,ආරක්ෂක අමාත්‍යංශය සහ අනෙකුත් අදාළ ආයතන සමඟ සමීප සම්න්ධීකරණයෙන් කටයුතු කරයි


