ආපදාවට පත් ජනතාවට සහයෝගය දැක්වීමට පකිස්ථාන PNS SAIF නෞකාව කොළඹ වරායට

ආපදාවට පත් ජනතාවට සහයෝගය දැක්වීමට පකිස්ථාන PNS SAIF නෞකාව කොළඹ වරායට
  • SocialShare:

ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහයෝගය දැක්වීම සදහා පකිස්ථාන නාවික හමුදාවට අයත් PNS SAIF නෞකාව කොළඹ වරායට පැමිණියේය.

නෞකාවෙන් ගෙන එන ලද පරිත්‍යාග සහ ඇසුරුම් කළ සහනාධාර, පීඩාවට පත් ප්‍රජාවන්ට බෙදා දීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට නිල වශයෙන් භාර දෙන ලදී.