ත්‍රිකුණාමලය මාවිල් ආරු වැව් බැම්මේ කොටසක් කැඩී යාමෙන් ආපදාවට ලක්වූ පුද්ගලයන් 309 ක් නාවික හමුදාව මුදාගනියි

ත්‍රිකුණාමලය මාවිල් ආරු වැව් බැම්මේ කොටසක්  කැඩී යාමෙන්  ආපදාවට ලක්වූ පුද්ගලයන් 309 ක් නාවික හමුදාව මුදාගනියි
  • SocialShare:

අධික වර්ෂාපතනය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණි මාවිල් ආරු වැවේ, වැව් බැම්මේ කොටසක් ඊයේ (30) කැඩී යාමෙන්, ප්‍රදේශයේ ඇතිවී ඇති ගංවතුර ආපදාවෙන් පීඩාවට පත් ජනතාව  මුදාගැනීමේ  හා සහන සැලසීමේ මෙහයුම් නොවැම්බර් 30 දින පුරා නාවික  හමුදාව  අඛණ්ඩ සිදුකරමින් සිටියි.

අද(01) වන විට  ආපදාවට පත්  පුද්ගලයන් 309 දෙනෙකු  මුතුර් ප්‍රදේශයෙන් ආරක්ෂිතව ඉවත් කර, ගල්කන්ද විහාරස්තාන පරිශ්‍රය වෙත යොමු කෙරුණු අතර, නාවික හමුදා ගොඩබෑමේ නෞකාවක් සහ ගොඩබෑමේ යාත්‍රාවක් මෙන්ම, වෙරළබඩ මුර යාත්‍රාවක් මුතුර් ප්‍රදේශයට ආසන්න මුහුදු ප්‍රදේශයේ සූදානම්ව තබා ඇත. මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදුකෙරෙමින් පවතියි