කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කනස්සල්ල පළ කරන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යංශය පවසයි.
මෙම ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනකෙු තුවාල ලබා තිබේ.
මැදපෙරදිග කලාපයේ ජීවත් වන සහ සේවය කරන මිලියනයකට අධික ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව , යහපැවැත්ම සහ සුරකක්ෂිතතාවට රජයේ ප්‍රමුඛතාවක් ලෙස සළකන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
එසේම මෙම අවස්ථාවේදී උපරිම සංයමයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාව සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කෙරේ.
තවද කලාපීය සාමය , ආරක්ෂාව සහ සිවිල් වැසියන්ගේ රැකවරණය තහවුරු කිරීම සඳහා වන ගෝලීය ප්‍රයත්නයන්ට සහය දැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බවද එම නිවේදනයේ දැක්වේ.


