All Stories

ආපදා තත්වයේදීත් දරුවන්ට දිගටම මවුකිරි දෙන්න - මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂගෙන් ඉල්ලීමක්

පවතින ආපදා  තත්වයේදීත් කුඩා දරුවන්ට දිගටම මවුකිරි ලබාදෙන ලෙසත් පිටිකිරි ලබාදීම සඳහා මව්වරු පෙළඹවීම සිදු  නොකරන ලෙසද ආධාර ලෙස පිටිකිරි ලබා නොදෙන ලෙසද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂ  ,පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ  වෛද්‍ය  චන්දිම සිරිතුංග මහතා ඉල්ලා සිටියි.

ආපදා තත්වයේදීත් දරුවන්ට දිගටම මවුකිරි දෙන්න - මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂගෙන් ඉල්ලීමක්

දිට්වා සුළි කුණාටු‍ව හේතුවෙන් ශ්‍රී ලාංකීය ජනතාව මුහුණ දුන් ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳව පාකිස්ථානු අගමැති කණගාටුව පළ කරයි

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ දරුණු ගංවතුර සහ නායයාම් නිසා මෙරට ජනතාවට මුහුණ දීමට සිදු වූ දැඩි ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳව පසුගිය දින කිහිපයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු විදේශ රටවල රාජ්‍ය නායකයෝ රැසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය කණගාටුව පළ කළ අතර, යළි ගොඩනැගීමේ කටයුතුවලදී සිය අඛණ්ඩ සහාය මෙරටට ලබා දෙන බවටද සහතික වූහ.

දිට්වා සුළි කුණාටු‍ව හේතුවෙන් ශ්‍රී ලාංකීය ජනතාව මුහුණ දුන් ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳව  පාකිස්ථානු අගමැති කණගාටුව පළ කරයි

ඇති වී තිබෙන තත්ත්වය හමුවේ උපායශීලීව, ආයෝජන පසුබිම සහ පරිසරය සකස් කර ගනිමින් නිවැරදි ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කළ යුතුයි - අගමැතිනිය

ඇති වී තිබෙන තත්ත්වය හමුවේ උපායශීලීවීමටත්,  අයවැය තුළ යම් යම් ගැළපීම් සිදුකරමින්  ආයෝජන පසුබිම සහ පරිසරය නිවැරදිව සකස් කර ගත යුතුව ඇති බවත්, නිවැරදි ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කළ යුතුව ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ඇති වී තිබෙන තත්ත්වය හමුවේ උපායශීලීව, ආයෝජන පසුබිම සහ පරිසරය  සකස් කර ගනිමින් නිවැරදි ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කළ යුතුයි - අගමැතිනිය

ශ්‍රී ලංකා විදේශ චීන සංගමයෙන් මෙරටට රුපියල් මිලියනයක්

ආපදාවෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය පළ කරමින් ශ්‍රී ලංකා විදේශ චීන සංගමය (Sri Lanka Overseas Chinese Association) විසින් රුපියල් මිලියනයක මුදලක් ප්‍රදානය කරනු ලැබ තිබේ.

ශ්‍රී ලංකා විදේශ චීන සංගමයෙන් මෙරටට රුපියල් මිලියනයක්

කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් හානියට පත් නිවාස පිරිසිදු කර ගැනීම වෙනුවෙන් රුපියල් 25000ක මුල්‍යාධාර දීම ඇරඹෙයි

කොළඹ දිස්ත්‍රික්කයේ තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගංවතුරෙන් හානියට පත් නිවාස පිරිසිදු කර ගැනීම වෙනුවෙන් රජයෙන් ලබාදෙන රැපියල් 25000ක මුල්‍යාධාර මුදල ලබාදීම ඇරඹෙයි.

කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් හානියට පත් නිවාස පිරිසිදු කර ගැනීම වෙනුවෙන් රුපියල් 25000ක මුල්‍යාධාර දීම ඇරඹෙයි

ආපදාවෙන් පසු ඩෙංගු සහ චිකුන්ගුන්‍යා රෝග පැතිරීම වැළැක්වීමට මහජන සහය අත්‍යවශ්‍යයි

ආපදාවෙන් පසු  ඩෙංගු  සහ චිකුන්ගුන්‍යා  රෝග පැතිරීම  වැළැක්වීමට මහජන සහය අත්‍යවශ්‍ය බවද ගංවතුර කෙමෙන් බැස යාම සමග ඉතිරි වූ ප්ලාස්ටික්,පොලිතින්,කුඩා භාජන  හා අනෙකුත් ජලය රැඳෙන ස්ථාන අශ්‍රිතව  මදුරුවන් බෝ වීම සිදුවිය හැකි බව සෞඛ්‍ය  හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙයි.

ආපදාවෙන් පසු  ඩෙංගු  සහ චිකුන්ගුන්‍යා  රෝග පැතිරීම  වැළැක්වීමට මහජන සහය අත්‍යවශ්‍යයි