විපතට පත් ජනතාවට සහන සැලසීමට රුපියල් ලක්ෂ 20ක මුදලක් පරිත්‍යාග කෙරේ

විපතට පත් ජනතාවට සහන සැලසීමට රුපියල් ලක්ෂ 20ක මුදලක් පරිත්‍යාග කෙරේ
  • SocialShare:

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමීව ඇවෝන් ෆාමෝ කෙම් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක කුමාර ඒකනායක සහ ඔස්ට්‍රේලියානු සංක්‍රමණ නීති උපදේශකවරයකු ලෙස කටයුතු කරන හේමන්ත පුංචිහේවා යන මහත්වරුන් විසින් රුපියල් ලක්ෂ 20ක මුදලක් පරිත්‍යාග කරන ලදී.

ඊට අදාළ චෙක්පත් එම මහත්වරුන් විසින් අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය.