අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බිඳ වැටී තිබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර පරිගණක පද්ධතිය මේ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
පද්ධතිය බිඳ වැටුණු දිනවල සේවා ලබාගැනීමට නොහැකි වූ ජනතාවගේ පහසුව සඳහා මීට පෙර දැනුම් දුන් පරිදි පහත සඳහන් විශේෂ විධිවිධාන එලෙසම ක්‍රියාත්මක වන බවද වැඩිදුරටත් සඳහන් කරයි.
- ලිඛිත පරීක්ෂණ (Written Exam) පැවැත්වීම
පද්ධති දෝෂය සහ කාලගුණය හේතුවෙන් අවලංගු වූ විභාග, පහත සඳහන් දින වලදී පැවැත්වේ.
2025.11.27 දින පැවැත්වීමට තිබූ විභාග - 2025.12.08 වන දින පැවැත්වේ.
2025.11.28 දින පැවැත්වීමට තිබූ විභාග - 2025.12.09 වන දින පැවැත්වේ.
(මෙම විභාගයන්, ඔබගේ වේලාව වෙන්කර ගැනීමේ ලේඛනයේ (Booking Document) සඳහන් වේලාවන් හිදීම පැවැත්වේ.)
- මගහැරුණු වේලාවන් (Appointments) සඳහා
පද්ධති බිඳ වැටීම සිදුවූ 2025.11.27 හා 28 සහ 2025.12.01 හා 02 යන දිනවල වේලාවන් වෙන්කරවා ගෙන සිටි සේවාලාභීන්ට, ඉදිරි සති 02ක කාලය තුළ රජයේ වැඩ කරන ඕනෑම දිනයක පැමිණ තමන්ට අදාළ සේවාවන් ලබා ගැනීමේ අවස්ථාව හිමිවේ.
පසුගිය දින කිහිපය තුළ සිදුවූ අපහසුතාවය පිළිබඳව කනගාටුව පළකරමින් ඉදිරියේදී බාධාවකින් තොරව සේවාවන් ලබා ගැනීමට හැකියාවන් පවතින බවද දැනුම් දී ඇත.


