කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් හානියට පත් නිවාස පිරිසිදු කර ගැනීම වෙනුවෙන් රුපියල් 25000ක මුල්‍යාධාර දීම ඇරඹෙයි

කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් හානියට පත් නිවාස පිරිසිදු කර ගැනීම වෙනුවෙන් රුපියල් 25000ක මුල්‍යාධාර දීම ඇරඹෙයි
  • SocialShare:

කොළඹ දිස්ත්‍රික්කයේ තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගංවතුරෙන් හානියට පත් නිවාස පිරිසිදු කර ගැනීම වෙනුවෙන් රජයෙන් ලබාදෙන රැපියල් 25000ක මුල්‍යාධාර මුදල ලබාදීම ඇරඹෙයි.

කොළඹ දිස්ත්‍රික්කයේ තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගංවතුරෙන් හානියට පත් නිවාස පිරිසිදු කර ගැනීම වෙනුවෙන් රජයෙන් ලබාදෙන රැපියල් 25000ක මුල්‍යාධාර මුදල ලබාදීම ඊයේ (02) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.

මෙහිදී තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුරෙන් ආපදාවට පත් ප්‍රදේශවල නැවත නිවාසවල පදිංචි විය හැකි පවුල් 100කට අධික පිරිසකට නිවාස පිරිසිදු කර ගැනීම රැපියල් 25000ක මුල්‍යාධාර ලබා දුන් අතර ඉදිරියේදී ආපදා සිදුවූ සෙසු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාවට තම නිවාස පිරිසිදු කරගැනීම වෙනුවෙන් අදාල ප්‍රාදේශීය ලේකම්කාර්යාල මගින් මෙම මුදල ලබාදීමට නියමිතය.

මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා, කොළඹ නගරාධිපතිතුමිය ඇතුළු නාගරික මන්ත්‍රීවරුන්, දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා, තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් සුගත් සිසිර කුමාර මහතා ඇතුළු නිලධාරින් සහ තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගංවතුරෙන් හානියට පත් වසම් හි ජනතාව සහභාගි විය.