ආපදාවෙන් පසු ඩෙංගු සහ චිකුන්ගුන්‍යා රෝග පැතිරීම වැළැක්වීමට මහජන සහය අත්‍යවශ්‍ය බවද ගංවතුර කෙමෙන් බැස යාම සමග ඉතිරි වූ ප්ලාස්ටික්,පොලිතින්,කුඩා භාජන හා අනෙකුත් ජලය රැඳෙන ස්ථාන අශ්‍රිතව මදුරුවන් බෝ වීම සිදුවිය හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙයි.
ගංවතුර ආපදාවෙන් පසු ඩෙංගු හා චිකුන්ගුන්යා රෝග පැතිරයාමේ අවදානම අවම කර ගැනීම උදෙසා සිය නිවස, ගම ,නගරය , තම ප්‍රදේශ ආශ්‍රිතව මදුරුවන් බෝ විය හැකි ස්ථාන පිළිබඳව සොයා බලා එවැනි ස්ථාන අවම කර ගැනිම අත්‍යවශ්‍ය බව එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය අවධාරණය කරයි.


