All Stories

ජනපති, අටමස්ථානාධිපති හිමියෝ බැහැදකි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) පෙරවරුවේ අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය.

ජනපති, අටමස්ථානාධිපති හිමියෝ බැහැදකි

මහ කන්නය සඳහා අනුරාධපුර ගොවි ජනතාව සූදානම් කරන්න - ජනපතිගෙන් නිලධාරින්ට උපදෙස්

ගංවතුර හේතුවෙන් විනාශ වී ගිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී වගාව මහ කන්නයේදී යළි අස්වැද්දීමට කඩිනමින් සූදානම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මහ කන්නය සඳහා අනුරාධපුර ගොවි ජනතාව සූදානම් කරන්න - ජනපතිගෙන් නිලධාරින්ට උපදෙස්

ඇමරිකා එක්සත් ජනපද ගුවන්යානා දෙකක් ආධාර රැගෙන ශ්‍රී ලංකාවට

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ 36වන හදිසි ප්‍රතිචාර කණ්ඩායමේ (CRG) 'C-130J' සුපර් හර්කියුලිස් ගුවන් යානා 2ක් අද (7) පස්වරුවේ කටුනායකට පැමිණියේය.

ඇමරිකා එක්සත් ජනපද ගුවන්යානා දෙකක් ආධාර රැගෙන ශ්‍රී ලංකාවට

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වූ සහ සමස්ත ලංකාවාසී ජනාතාවට සෙත්සුව පතා කිරිවෙහෙර අභියසදී පිරිත් දේශනාවක්

ඉතිහාසයේ අප මුහුණදුන් දැවැන්තම ජාතික ආපදාවට අපට මුහුණ දීමට සිදුවූ බවත්, එම ජාතික ව්‍යවසනයෙන් පසු මේවන විට අප මාතෘ භූමිය ක්‍රමක්ක්‍රමයෙන් නැගීසිටින බවත්.ඒ් සදහා ගෞරවණීය නායක ස්වාමීන්වහන්සේලා ප්‍රමුඛ ආගමික නායකයින්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍ය ආයතන සහ මෙරට ජනතාව විශාල මැදිහත්වීමක් සිදුකල බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වූ සහ සමස්ත ලංකාවාසී ජනාතාවට සෙත්සුව පතා කිරිවෙහෙර  අභියසදී පිරිත් දේශනාවක්

පීඩාවට පත්වූ ජනතාව උදෙසා මියන්මාර් ආධාර රැගත් ගුවන්යානයක් දිවයිනට

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්වය නිසා අවතැන් ව සිටින ජනතාවට සහන සැලසීමේ අරමුණින්, මියන්මාර රජයේ දූත පිරිසක් සමග ආධාර රැගත් එරට ගුවන් හමුදාවේ (Y-8) ගුවන් යානයක්  ඊයේ(06) රාත්‍රියේ කටුනායක  ගුවන් හමුදා කඳවුර වෙත පැමිණ තිබේ.

 පීඩාවට පත්වූ ජනතාව උදෙසා මියන්මාර් ආධාර රැගත් ගුවන්යානයක් දිවයිනට