ඇමරිකා එක්සත් ජනපද ගුවන්යානා දෙකක් ආධාර රැගෙන ශ්‍රී ලංකාවට

ඇමරිකා එක්සත් ජනපද ගුවන්යානා දෙකක් ආධාර රැගෙන ශ්‍රී ලංකාවට
  • SocialShare:

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ 36වන හදිසි ප්‍රතිචාර කණ්ඩායමේ (CRG) 'C-130J' සුපර් හර්කියුලිස් ගුවන් යානා 2ක් අද (7) පස්වරුවේ කටුනායකට පැමිණියේය.

ගුවන් භටයින් සමග පැමිණි මෙම යානා ද්විත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නම්කරන ප්‍රදේශවලට භාණ්ඩ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා සඳහා ක්ෂණික ප්‍රවාහන සහ සැපයුම් සඳහා සහාය ලබාදීමට නියමිතය.

මේ පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙරට තානාපති කාර්යාලයේ නිල ෆේස්බුක් පිටුව මෙසේ කියයි ..
කුණාටුවෙන් පසු ආපදා සහන සැලසීමේ කටයුතු සඳහා C-130 යානා දෙකක් සහ අපගේ එක්සත් ජනපද හමුදාවේ විශිෂ්ටතම සැපයුම් විශේෂඥයින් ශ්‍රී ලංකාවට යැවීම පිළිබඳව එක්සත් ජනපදය සතුටට පත් වේ. ඕනෑම මහා පරිමාණ මෙහෙයුමකට සැපයුම් අත්‍යවශ්‍ය වේ—U.S. Indo-Pacific Command කණ්ඩායම් වඩාත් අවශ්‍ය ස්ථානවලට උපකාර කිරීමට මෙහි සිට Sri Lanka Air Force සමඟ සම්බන්ධීකරණයෙන් අත්‍යවශ්‍ය සැපයුම් රට පුරා බෙදා හරිනු ඇත.