හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වූ සහ සමස්ත ලංකාවාසී ජනාතාවට සෙත්සුව පතා කිරිවෙහෙර අභියසදී පිරිත් දේශනාවක්

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වූ සහ සමස්ත ලංකාවාසී ජනාතාවට සෙත්සුව පතා කිරිවෙහෙර  අභියසදී පිරිත් දේශනාවක්
  • SocialShare:

ඉතිහාසයේ අප මුහුණදුන් දැවැන්තම ජාතික ආපදාවට අපට මුහුණ දීමට සිදුවූ බවත්, එම ජාතික ව්‍යවසනයෙන් පසු මේවන විට අප මාතෘ භූමිය ක්‍රමක්ක්‍රමයෙන් නැගීසිටින බවත්.ඒ් සදහා ගෞරවණීය නායක ස්වාමීන්වහන්සේලා ප්‍රමුඛ ආගමික නායකයින්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍ය ආයතන සහ මෙරට ජනතාව විශාල මැදිහත්වීමක් සිදුකල බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරයා මේබව පවසා සිටියේ  මීට සත්දිනකට පෙර මෙරට ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වූ  සහ  සමස්ත ලංකාවාසී ජනාවට සෙත්සුව ප්‍රාර්ථනා කිරීම සහ වියෝවූ මෙරට ආදරණීය ජනතාවට  පිං අනුමෝදන්  කිරීම අරමුණ කරගනිමින් ඊයේ (06)  රාත්‍රියේ සිට රැය පහන්වන තුරු කතරගම, ඓතිහාසික කිරිවෙහෙර  අභියසදී  පැවැත්වූ මහානුභාව සම්පන්න සර්වරාත්‍රික මහා පිරිත් දේශනාව පැවැත්වෙන  අවස්ථාවට එක්වෙමිණි.

‌රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරයේ විාරාධිපති අතිපූජ්‍ය  කොබවක ධම්මින්ද නාමිහිපාණන් වහන්සේගේ අනුශාසනාව හා මගපෙන්වීම යටතේ මාතර,හම්බන්තොට දෙපළාතේ ප්‍රධාන සංඝ නායක, අති ගෞරවනීය දේවාලේගම ධම්මසේන නාහිමි ප්‍රධාන, අවට විහාරස්ථානවල නායක ස්වාමීන්වහන්සේලාගේ ආශීර්වාදයෙන් මෙන්ම සහභාගීත්වයෙන් මෙම මහානුභාව සම්පන්න සර්වරාත්‍රික මහා පිරිත් දේශනාව  පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ අප මාතෘ භූමිය ක්‍රමක්ක්‍රමයෙන් නැගීසිටින අවස්ථාවේ  ඒ් සදහා මෙරට දානපතියන්ගෙන්  සහ විදේශීය රාජ්‍යයන්ගෙන්ද ආධාර, උපකාර ලැබුණු බවත්, ලැබෙමින් පවතින බවය.

මෙවැනි වේලාවක රටට ආශීර්වාද පතා මෙවැනි  මහානුභාව සම්පන්න සර්වරාත්‍රික මහා පිරිත් දේශනාවක් පැවැත්වීම අතිශය වැදගත්වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා අප සියලු දෙනා බෞද්ධයන් ලෙස සියවස් ගණනාවක සිට පිරිත් දේශනාවේ බලය විශ්වාස කරන ජාතියක් බවත්, අපට යලි නැගී සිටීමට, අපේක්ෂා දල්වා ගන්නට මෙම ආශිර්වාදය අතිශයින්ම වැදගත්වන බව ද වැඩිදුරටත් පැවසීය.