ඉන්දියාව විසින් නම් කර ඇති "සාගර් බන්ධු" මෙහෙයුම යටතේ ශ්‍රී ලංකාව වෙත ලබා දෙන ආපදා ආධාර රැගත් 09 වන ඉන්දීය ගුවන් යානයත් ඊයේ (06) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
මෙම ගුවන් යානය තුළ අඩි 110ක් දිගැති, මෙට්‍රික් ටොන් 65ක් බරැති බේලි පාළමක්, ජේ.සී.බී.බැකෝ යන්ත්‍රයක් ද ඒ අතර වේ.
එමෙන්ම ඉන්දීය යුධ හමුදාවේ ඉංජිනේරු බළකායේ ඉංජිනේරුවරුන් 13දෙනෙකු ද සහාය දැක්වීම සඳහා මෙහි පැමිණ සිටී.


