රට පුරා අත්‍යවශ්‍ය සේවා ලබා ගැනීමේදී ඇතිවන පැමිණිලි සහ දුෂ්කරතා කඩිනමින් වාර්තා කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය විසින් 1904 ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වා දී තිබේ.
විදුලි සැපයුම, රෝහල් සහ හදිසි වෛද්‍ය සේවා, මහජන ප්‍රවාහනය සහ සැපයුම්, ජල සැපයුම සහ සනීපාරක්ෂාව, ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ, විදුලි සංදේශ සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා සහ අති විශේෂ ගැසට් පත්‍ර අංක 2464/29 යටතේ ප්‍රකාශයට පත් කරන ලද වාරිමාර්ග සහ අනෙකුත් අත්‍යවශ්‍ය මහජන සේවා සම්බන්ධ ගැටලු වාර්තා කිරීමට මෙම ක්ෂණික ඇමතුම් අංකය භාවිතා කළ හැකිය බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.
හදිසි අවස්ථා හෝ සේවා බිඳ වැටීමකදී මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි සඳහා නියමිත වේලාවට ප්‍රතිචාර දැක්වීම, වඩා හොඳ සම්බන්ධීකරණයක් සහ කාර්යක්ෂම විසඳුමක් සහතික කිරීම සඳහා මෙම වැඩපිළිවෙල හඳුන්වා දී ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.


