ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (06) උදෑසන මල්වතු මහා විහාරය වෙත ගොස් මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැ දුටුවේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (06) උදෑසන මල්වතු මහා විහාරය වෙත ගොස් මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැ දුටුවේය.
ගංවතුර සහන කටයුතු සහ යළි යථා තත්ත්වයට පත් වීම හා ප්‍රතිසංස්කරණය සඳහා වන සැළසුම් පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල දැනුවත් කිරීමේ විශේෂ හමුවක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ දි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු ,විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පවත්වනු ලැබීය.
විශේෂයෙන් අපි අද මුදල් අමාත්‍යාංශය පිළිබඳවත්, පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳවත්, මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතිය පැනවීම පිළිබඳ රෙගුලාසි මෙම පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙනවා.
2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සංශෝධන සහිතව වැඩි ඡන්ද 157කින් සම්මත වී තිබේ.
2026 අයවැය ප්‍රමුඛතාවය ආපදාවට පත් රට ප්‍රතිසංස්කරණයට සහ සහන සැපයිම සඳහා යොමු කරන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා අද(05) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ගංවතුරෙන් විනාශ වූ විසිතුරු මසුන් කර්මාන්තය යළි නගා සිටුවීමට රජයේ පූර්ණ සහය ලබාදෙන බව ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය, රත්න ගමගේ මහතා සදහන් කරයි.
ආපදා තත්ත්වය හේතුවෙන් සම්පූර්ණයෙන්ම ගමනාගමනයට බාධාවූ මාර්ග 256න් මාර්ග 252ක් මේ වන විට ගමනාගමනයට විවෘත කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා පවසයි.
දිස්ත්‍රික්ක පහකට බලපැවැත්වෙන පරිදි නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දෙයි.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින ශක්තිමත් මිතුදම සහ කලාපීය සහයෝගීතාව පිළිබිඹු කරමින් ආපදාවෙන් විපතට පත් ජනතාව වෙත බෙදා දීම සඳහා ටින් කළ ටූනා මාළු පෙට්ටි 25,000ක් මාලදිවයිනෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින ශක්තිමත් මිතුදම සහ කලාපීය සහයෝගීතාව පිළිබිඹු කරමින් ආපදාවෙන් විපතට පත් ජනතාව වෙත බෙදා දීම සඳහා ටින් කළ ටූනා මාළු පෙට්ටි 25,000ක් මාලදිවයිනෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.
හදිසි ආපදා තත්වය හේතුවෙන් 2025 නොවැම්බර් මස 28 දින සිට ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා නැවත දැනුම් දෙන තුරු නිවාඩු අවලංගු කිරීමේ තීරණය පිළිබඳ කරුණු සමාලෝචනය කෙරේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ "සුරැක් " ආපදා කළමනාකරණ හා ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ සම්බන්ධීකරණයෙන් ආපදා සහන වෛද්‍ය කණ්ඩායම් 504ක් රටපුරා මේ වන විටත් ක්‍රියාත්මක බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ,වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ,ආපදා කළමණාකරණය සම්බන්ධව ජාතික සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය සමිද්ධි සමරකෝන් මහත්මිය කියයි.
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කරගෙන මෙරටට වැඩම කළ සිංගප්පුරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ සභාපති පූජ්‍ය ආචාර්ය කේ. ගුණරතන ස්වාමීන් වහන්සේ ප්රමුඛ සිංගප්පුරුවේ සහ මැලේසියාවේ ගිහිපැවිදි දූත පිරිසක් අද (05) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු විය.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.