ආපදාවට පත් පුද්ගලයන් වෙනුවෙන් අයවැයෙන් සහන රැසක්

ආපදාවට පත්  පුද්ගලයන් වෙනුවෙන් අයවැයෙන් සහන රැසක්
  • SocialShare:

2026 අයවැය ප්‍රමුඛතාවය ආපදාවට පත් රට ප්‍රතිසංස්කරණයට සහ සහන සැපයිම සඳහා යොමු කරන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා අද(05) පාර්ලිමේන්තුවේදී පැවසීය.

2026 අයවැය තෙවන වර කියවීමේ අවසන් දිනය වන අද දින පාර්ලිමේන්තුවේදි  විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ, ආපදාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා මේ වන විටත්  රුපියල් මිලියන 10,500ක් ඒ ඒ දිස්ත්‍රික්වල දිසාපතිවරුන් වෙත නිදහස් කර ඇති බවයි.

තවත් බිලියන 50ක පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නා බවත් ඒ අනුව

ඉදිරි දින 25තුළ  ඇති වූ හදිසි ආපදා තත්ත්වය සඳහා වියදම් කිරීමට රුපියල් බිලියන 70.02 ඇතැයිද කීය.

ආපදාවලින් හානියට පත් නිවාස පිරිසිදු කර ගැනීමට රු 25,000.00 දීමනාවක්

අත්‍යාවශ්‍ය මුළුතැන්ගෙයි  භාණ්ඩ මිලදී ගැනීමට (නිවසේ අයිතිය නොසළකා)  රු 50,000.00ක්

අවතැන් කඳවුරුවල සිටින අයට  නිවසකට යාම සඳහා මාස 03ක කාලයක් සඳහා රු 25,000.00ක දීමනාවක්

කුලී නිවාසවලට යාම සඳහා මාස 03 අඛණ්ඩව  රු 50,000ක මාසික දීමනාවක්

ආපදාවලින් මිය ගිය පුද්ගලයෙකු සඳහා රුපියක් ලක්ෂ 10ක වන්දි මුදලක්