දිස්ත්‍රික්ක පහකට බලපැවැත්වෙන පරිදි නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දෙයි.
ඒ අනුව මහනුවර , කෑගල්ල , කුරුණෑගල , මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයන්ට මෙලෙස නායයාමේ රතු නිවේදන නිකුත් කර තිබේ.
තවද අවදානයෙන් පසුවන ලෙස දැනුම් දෙන කහ නිවේදනය බදුල්ල , නුවරඑළය සහ රත්නපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකටද නිකුත් කර ඇත.


