All Stories

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ සමඟ ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් ශක්තිමත්ව අත්වැල් බැඳ ගනී

දිට්වා සුළි කුණාටුවෙන් පසු තත්ත්වය තක්සේරු කිරීම සහ සහන සේවා, ගලවා ගැනීමේ සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ආධාර සම්බන්ධීකරණය කිරීම  වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල, ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සංවර්ධන හවුල්කරුවන් සහ ජාත්‍යන්තර ණය දෙන ආයතන එක්රැස් කරමින් මුදල් අමාත්‍යාංශය අද (03) ඉහළ මට්ටමේ පරිත්‍යාගශීලීන්ගේ රැස්වීමක් කැඳවීය.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ සමඟ ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් ශක්තිමත්ව අත්වැල් බැඳ ගනී

‘Rebuilding Sri Lanka’ අරමුදලට විදෙස්ගත ශ්‍රමිකයන් 19,000ක් මුදල් බැර කරයි

‘දිත්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ අතිවිශාල හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම  අරමුණු කරගත් ‘Rebuilding Sri Lanka’අරමුදලට ඊයේ (02) වන විට විදෙස්ගත ශ්‍රමිකයන් 19,000කට අධික පිරිසක් මුදල් බැර කර ඇතැයි මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.

 ‘Rebuilding Sri Lanka’  අරමුදලට විදෙස්ගත ශ්‍රමිකයන් 19,000ක් මුදල් බැර කරයි

ව්‍යසන තත්වය හමුවේ ජාතික රුධිර සංචිත පවත්වා ගැනීමට රුධිරය පරිත්‍යාග කළ සැමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ස්තුතිය

හදිසි ආපදා තත්වය හමුවේ රුධිර සංචිත  පහල යාමක් නිරීක්ෂණය වූ අවස්ථාවේ රුධිරය පරිත්‍යාග කරන ලෙස ජාතික ජතික රුධිර පාරවිලයන සේවය කළ ඉල්ලීම අනුව  රුධිර පරිත්‍යගශීලීන් දහස් ගණනින් පැමිණ  රුධිරය පරිත්‍යාග කළ බවද උතුම් මානුෂීය  ගුණංග ප්‍රකට කරමින්  එහි පැමිණි  සැබෑ මිනිසුන් නිසා ඊයේ (12/02)  වන විට දින දෙකක් ඇතුලත රුධිර ඒකක  දස දහසක් (10,0000 ) ජාතික රුධිර සංචිතයට එක් වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

ව්‍යසන තත්වය හමුවේ ජාතික රුධිර සංචිත  පවත්වා ගැනීමට  රුධිරය පරිත්‍යාග  කළ සැමට සෞඛ්‍ය  හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ස්තුතිය

Rebuilding Sri Lanka අරමුදලට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයත් එක්වෙයි

"REBUILDING SRI LANKA" අරමුදලට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් රුපියල් මිලියනයක චෙක්පතක් ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දික කුමානායක මහතා වෙත භාරදීම අද (03) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවිය.

Rebuilding Sri Lanka අරමුදලට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයත් එක්වෙයි

‘Rebuilding Sri Lanka’ අරමුදලේ කළමනාකරණ කමිටුව රැස්වෙයි

දිට්වා සුළි කුණාටුවෙන් අනතුරුව රට නැවත ගොඩනැඟීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත ස්ථාපිත කළ ‘Rebuilding Sri Lanka’ අරමුදලේ කළමනාකරණ කමිටුව අද (03) පෙරවරුවේ එහි සභාපති කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්විය.

‘Rebuilding Sri Lanka’ අරමුදලේ කළමනාකරණ කමිටුව රැස්වෙයි