හදිසි ආපදා තත්වය හමුවේ රුධිර සංචිත පහල යාමක් නිරීක්ෂණය වූ අවස්ථාවේ රුධිරය පරිත්‍යාග කරන ලෙස ජාතික ජතික රුධිර පාරවිලයන සේවය කළ ඉල්ලීම අනුව රුධිර පරිත්‍යගශීලීන් දහස් ගණනින් පැමිණ රුධිරය පරිත්‍යාග කළ බවද උතුම් මානුෂීය ගුණංග ප්‍රකට කරමින් එහි පැමිණි සැබෑ මිනිසුන් නිසා ඊයේ (12/02) වන විට දින දෙකක් ඇතුලත රුධිර ඒකක දස දහසක් (10,0000 ) ජාතික රුධිර සංචිතයට එක් වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.
මේ වන විට අවශ්‍ය තරම් රුධිර සංචිත ජාතික රුධිර පාරවිලයන සේවය සතුව පවතින බැවින් විශාල වශයෙන් පැමිණ රුධිරය පරිත්‍යාග කිරීම හෝ විශාල වශයෙන් රුධිර පරිත්‍යාග කරන කඳවුරු සංවිධාන කිරීම අවශ්‍ය නොවන බව ජාතික ජතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඊ.ඒ.එල්.සී.කේ. එදිරිසිංහ මහතා කියයි. එබැවින් වෙනදා මෙන් සාමාන්‍ය පරිදි දිවයින පුරා ඇති " ලේ බැංකු " වලට රුධිරය ලබා දීම පමණක් ප්‍රමාණවත් බවද එදිරිසිංහ මහතා කියා සිටී.
ජාති ආගම් භේදයකින් තොරව රුධිරය ලබා දීම පැමිණි පුද්ගලයින් බහුතරයක් තරුණ තරුණියන් වීම විශේෂත්වයකි.
මිනිස් කමේ සැබෑ අරුත මේ යැයි පෙන්වා දෙමින් මේ අති දුෂ්කර මොහොතේ රුධිරය පරිත්‍යාග කල සැමටත් කඳවුරු සංවිධාන කල සැමටත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ස්තුතිය පුදකරයි.


