මහනුුවර දිස්ත්‍රික්කයේ වැඩිම හානියක් වූ ජල සම්පාදන ක්‍රම අතර කටුගස්තොට ජල සම්පාදන ක්‍රමය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවත් මහනුවර රෝහලට සහ පේරාදෙණීය විශ්වවිද්‍යාලයට බවුසර් මඟින් හා විකල්ප නළ මගින් ජලය සැපයෙන බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මේ වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ සියයට අසූවකින් ජල සම්පාදනය යථා තත්වයට පත් කර ඇති බවත් බදුල්ල රෝහලට බවුසර් මඟින් හා විකල්ප නළ මඟින් ජලය සපයන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
එසේම සම්පූර්ණයෙන් ක්‍රියා විරහිත වී ඇති මහනුවර දිස්ත්‍රික්කයේ මීවතුර , බදුල්ල දිස්ත්‍රික්කයේ අඹගස්දෝව හා මහියංගනය , අම්පාර දිස්ත්‍රික්කයේ කොන්ඩුවට්ටුවාන් ජල සම්පාදන ක්‍රම යථා තත්ත්වයට පත් කරමින් පවතින බවත් එම නිවේදනයෙන් දැක්වේ.
තවද ප්‍රවේශ මාර්ග අවහිරවීම් මත ළඟාවීමට නොහැකි නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ජල සම්පාදන ක්‍රම යථා තත්ත්වයට පත්කිරීමට ත්‍රිවිධ හමුදා සහාය ලබා ගැනීමට කටයුතු කර තිබේ.
දිවයින ප්‍රරා ක්‍රියාත්මක ජල යෝජනා ක්‍රම 342 ක් අතරින් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජල යෝජනා ක්‍රම 150ක් පමණ ආපදා බලපෑමට ලක්වූ අතර ඉන් සම්පූර්ණයෙන්ම හානි වූ ජල යෝජනා ක්‍රම ප්‍රමාණය 17 ක් වේ. නළවලට හානි සිදුවීම , විදුලිය සැපයුම අඩාලවීම,ජලය ලබාගන්නා ස්ථාන ගංවතුරින් යටවී තිබීම, විදුලි හා යාන්ත්‍රික උපකරණවලට අලාභහානී සිදුවීම නිසා එම යෝජනා ක්‍රම යථා තත්ත්වයට පත්කිරීමට සැළකිය යුතු කාලයක් ගතවන අතර ඉන් ජල සම්පාදන ක්‍රම 7ක් ප්‍රවේශ මාර්ග අවහිරවීම නිසා යථා තත්ත්වයට පත්කර ගැනීමට ඉතා අසීරු මට්ටමතක පවති.
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජල සම්පාදනය යාවත්කාලීන කරගැනීම සඳහා ආරක්ෂක අංශ , මාර්ග සංවර්ධන අධිකාරිය, දුම්රිය දෙපාර්තමේන්තුවේ හා මහජන සහය ඇතිව කටයුතු කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.


