නෙයිනා තම්බි මරික්කාර් මොහමඩ් තාහිර් මහතා දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද (05) දිවුරුම් දුන්නේය.

නෙයිනා තම්බි මරික්කාර් මොහමඩ් තාහිර් මහතා දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද (05) දිවුරුම් දුන්නේය.
හදිසි ආපදා තත්ත්වයෙන් හානි සිදුවූ සියලු දෙනාට ඉක්මන් සුවපත්භාවය ප්‍රාර්ථනා කිරීමත්, මියගිය සියලු දෙනාට පිංපෙත් අනුමෝදන් කිරීමත් අරමුණ කරගෙන ශ්‍රී දළදා මැදුරතේ සිදුකළ ආශිර්වාද සෙත් පිරිත් සජ්ඣායනය ඊයේ (දෙසැ. 04) පස්වරුවේ පැවැත්විණි.
දැඩි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මෑතකදී ඇති වූ විනාශය නොතකා, ජනතාව විසින් පෙන්නුම් කරන ලද ශක්තිය සහ සහයෝගීතාවය හේතුවෙන් ශ්‍රී ලංකාව වේගයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. “අපට දැඩි අභියෝගයක් එල්ල වී තිබෙනවා, නමුත් අපි ඇද වැටී නැහැ. අපේ ජනතාව ශක්තිමත්, ඒ තුළින් අපි මුහුණ දුන් සෑම අර්බුදයකින්ම ජය ගැනීමට හැකි වී තිබෙනවා,” දෙසැම්බර් 4 වන දින කොළඹ ICT රත්නදීප හෝටලයේ පැවති NASSCOM විධායක කමිටු සහ SLASSCOM සංගම් හමුව අමතමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේදී මෙන්ම ආපදාවට ලක් වූ දිවයින පුරා විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැංවීම සඳහා විදේශ බෞද්ධ විහාරස්ථානවල සහාය ලබා ගැනීම සම්බන්ධීකරණය වෙනුවෙන් සහාය ලබා දෙන බව හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි නායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළහ.
දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී.
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට සිය දායකත්වය සපයමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් මිලියන 300ක මුදලක් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.
කර්මාන්ත ක්ෂේත්රයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර අද (04) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
හදිසි ආපදා තත්වය හේතුවෙන් විදුලිය අහිමි වූ ලක්ෂ 39ක පමණ පාරිභෝගික ජනතාවගෙන් 85% කට පමණ යළි සම්බන්ධතා ලබා දීමට හැකි වූ බව විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නොයෙල් ප්‍රියන්ත මහතා පවසයි.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ දරුණු ගංවතුර සහ නායයාම් නිසා මෙරට ජනතාවට මුහුණ දීමට සිදු වූ දැඩි ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා සිය කණගාටුව පළ කළේය.
ආපදාවෙන් පසු ජන ජීවිතය යථාවත් කිරීමේදී හානියට පත් මාර්ග පද්ධතිය කඩිනමින් පිළිසකර කර ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමට ප්‍රමුඛතාව දී කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
බස්නාහිර පළාත් කසළ කළමනාකරණ කමිටු රැස්වීම අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (04) දින අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී ආපදා තත්ත්වය හේතුවෙන් ගොඩනැගුණු කසළ ක්‍රමවත්ව ඉවත් කර පිරිසිදු කිරීම් සති තුනකින් අවසන් කළ යුතු බව අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.
ආපදාවෙන් පසු දිවයින පුරා යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රජය ආරම්භ කර ඇති වැඩසටහනට සහාය වෙමින් බේලි පාලම් කොටස් සහ විශේෂඥ කාර්ය මණ්ඩලය රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-17 ගුවන් යානයක් අද (04) දහවල් මෙරටට ළගා විය.
දිට්වා සුළි කුණාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට දෛනිකව ආධාර ලැබෙමින් පවතින අතර, ඒ අනුව අද (04) දිනයේදී රෝයල් ඉලෙක්ට්‍රොනික් සහ SITREK SECURITY SOLUTIONS යන සමාගම් විසින් මුදල් පරිත්‍යාග කරනු ලැබීය.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.