දිට්වා සුළි කුණාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට දෛනිකව ආධාර ලැබෙමින් පවතින අතර, ඒ අනුව අද (04) දිනයේදී රෝයල් ඉලෙක්ට්‍රොනික් සහ SITREK SECURITY SOLUTIONS යන සමාගම් විසින් මුදල් පරිත්‍යාග කරනු ලැබීය.
ඒ අනුව රෝයල් ඉලෙක්ට්‍රොනික් සමාගමේ සභාපති පැට්‍රික් ප්‍රනාන්දු මහතා ඊට අදාළ රුපියල් ලක්ෂ 50ක චෙක්පත සහ SITREK SECURITY SOLUTIONS හි සම සභාපති ජීවක විජේසිංහ, ප්‍රධාන විධායක නිලධාරි මේජර් (විශ්‍රාමික) ආනන්ද රුද්‍රිගෝ යන මහත්වරුන් විසින් රුපියල් ලක්ෂ 50ක චෙක්පත ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය.


