ආපදා තත්ත්වයෙන් පසු යළි යථා තත්ත්වයට පත් වීම හා ප්‍රතිසංස්කරණය සඳහා වන සැළසුම් පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල දැනුවත් කෙරේ

ආපදා තත්ත්වයෙන් පසු යළි යථා තත්ත්වයට පත් වීම හා ප්‍රතිසංස්කරණය සඳහා වන සැළසුම් පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල දැනුවත් කෙරේ
  • SocialShare:

ගංවතුර සහන කටයුතු සහ යළි යථා තත්ත්වයට පත් වීම හා ප්‍රතිසංස්කරණය සඳහා වන සැළසුම් පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල දැනුවත් කිරීමේ විශේෂ හමුවක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ දි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු ,විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පවත්වනු ලැබීය.

දිට්වා සුළි කුණාටුවෙන් අනතුරුව ඇති වූ ව්‍යසනයේ දී දියත් කළ ජාතික මුදවාගැනීම් මෙහෙයුම් කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරිය හදිසි අවස්ථාවකදී ලබාදුන් කඩිනම් සහයෝගය සම්බන්ධයෙන් මෙන්ම , රට පුළුල් ලෙස ප්‍රතිසාධන ක්‍රියා මාර්ග අනුගමනය කරන අවස්ථාවේදී ලබා දුන් සහයෝගීතාව වෙනුවෙන් සියලුම රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල , ජාත්‍යන්තර සංවිධාන සහ අනෙකුත් පාර්ශවකරුවන්ට සිය කෘතඥතාව පළ කලාය.

ශ්‍රි ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස අඛණ්ඩව තෝරා ගැනීම , ජාත්‍යන්තර ප්‍රජාව මේ අවස්ථාවේ දී මෙරටට ලබා දිය හැකි ශක්තිමත්ම සහයෝගය බවත් බලපෑමට ලක් වූ ප්‍රජාවට සහය වන පරිදි මූලික වැඩිදියුණු කිරීම්වලට අනුකුලව, සංචාරක උපදේශන නිතිපතා සමාලෝචනය කිරීම දිරිමත් කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.

මෙම රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවක කොළඹ පදනම් කරගත් රාජ්‍යතාන්ත්‍රිකයින් 50කට අධික සංඛ්‍යාවක් එක්ව සිටි අතර දිල්ලිය පදනම් කරගත් රාජතාන්ත්‍රිකයින් පිරිසක් ද මාර්ගගතව එක්ව සිටියහ.

මෙම සාකච්ඡාවට ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන් සහ සංචාරක කර්මාන්ත නියෝජිතයින් ද සහභාගී වූ අතර රජය ගෙන ඇති හදිසි ප්‍රතිචාර ක්‍රියාමාර්ග, මූලික හානි තක්සේරු කිරීම් සහ නැවත ගොඩනැගීම් අදියර යනාදිය සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රිකයන් වෙත සමාලෝචනය කරන ලදි.