ජගත් පරිසර දින ජාතික උත්සවය අද (05) අරලියගහ මන්දිරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, එහිදී පරිසර සංරක්ෂණය හා තිරසාර සංවර්ධනය ඉලක්ක කරගත් වැදගත් තීරණ රැසක් ප්‍රකාශයට පත් කෙරිණි.
නව රජයේ පරිසර ප්‍රතිපත්තියට අනුකූලව “වනස්පති” ජාතික වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ රිටිගල, අලියාවැටුණු වැව, බුලාගල, කෝංකැටියාව සහ කල්ලංචිය යන වනාන්තර ප්‍රදේශ හෙක්ටයාර 2,170කට ආසන්න භූමි ප්‍රමාණයක් ආවරණය වන පරිදි නිල වශයෙන් රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
ඊට සමගාමීව කූඩා බිබුල දිය උල්පත සහ කපුරැල්ල උණුදිය තෙත්බිම සංවේදී පාරිසරික කලාප ලෙස ආරක්ෂාවට ගෙන ඇති අතර, මාගම වැලිකඳු වැටිය ආශ්‍රිත ප්‍රදේශය දැඩි අවදානම් සහ බලපෑම් සහිත කලාපයක් ලෙස නම් කර තිබේ. අලි–මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් වැටහිරකන්ද, හදපානාගල සහ කොහොලංකල යන ප්‍රධාන අලිමංකඩ තුන නිදහස් කිරීමේ වැඩපිළිවෙළ ද මෙහිදී ප්‍රකාශයට පත් කෙරිණි.
එමෙන්ම තිරසාර සංවර්ධනය හා විනිවිදභාවය වැඩිදියුණු කිරීම සඳහා යාවත්කාලීන කළ ජාතික හරිත වාර්තාකරණ මාර්ගෝපදේශ හඳුන්වා දෙනු ලැබූ අතර, උත්සවය කාබන්-ශූන්‍ය වැඩසටහනක් ලෙස සංවිධානය කිරීමද විශේෂත්වයක් විය. උත්සවය සංකේතවත් කරමින් පරිසර අමාත්‍යවරයා විසින් පැළයක් රෝපණය කිරීමද සිදු කෙරිණි. පරිසරය සුරැකීම ප්‍රකාශයන්ට පමණක් සීමා නොවී ප්‍රායෝගික ක්‍රියාමාර්ග ලෙස ක්‍රියාත්මක කරමින් ඉදිරියටත් රට පුරා පාරිසරික සංරක්ෂණ වැඩසටහන් ව්‍යාප්ත කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.


