All Stories

අද (28) රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ

පවතින හදිසි ආපදා තත්ත්වය මත සාමාන්‍ය කාර්යාල කටයුතු පවත්වාගෙන යාමේදී මුහුණ දෙන ගැටලු සැලකිල්ලට ගනිමින් අද(28) දිනය රජයේ කාර්යාල සදහා විශේෂ නිවාඩු දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත.

අද (28) රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ

කළු ගඟ පිටාර මට්ටමට ආසන්නයි ඉදිරි පැය කිහිපය තුළ මහ ගංවතුර තත්වයක් ඇතිවිය හැකියි

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් නඩත්තු කරන ජලමාපක විශ්ලේෂණවලට අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල , නිවිතිගල, රත්නපුර , කුරුවිට , අයගම , ඇලපාත සහ කළුතර දිස්ත්‍රික්කයේ කළුතර , ඉංගිරිය , හොරණ , දොඩංගොඩ , මිල්ලනිය, බුලත්සිංහල, පාලින්දනුවර , මදුරාවල , අගලවත්ත ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්වලට මහ ගංවතුර තත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

කළු ගඟ පිටාර මට්ටමට ආසන්නයි  ඉදිරි පැය කිහිපය තුළ මහ ගංවතුර තත්වයක් ඇතිවිය හැකියි

දිවයිනේ පවතින තද වැසි සහ තද සුළං තත්ත්වය තවදුරටත්

මඩකලපුව ප්‍රදේශය අශ්‍රිතව පැවති "දිට්වා" [Ditwah] සුළිකුණාටුව ත්‍රිකුණාමලය සිට 50 km ක් දකුණු දෙසින්, අක්ෂාංශ 8.1°N සහ දේශාංශ 81.2°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇත. මෙම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

දිවයිනේ පවතින තද වැසි සහ තද සුළං තත්ත්වය තවදුරටත්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර පාසල් වසා තැබීමට උපදෙස් නිකුත් කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර පාසල් වසා තැබීමට අදාල පාලනාධිකාරීන් වෙත අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා විසින් උපදෙස් ලබාදී ඇත.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර පාසල් වසා තැබීමට උපදෙස් නිකුත් කෙරේ

හෙට (28) රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ

පවතින හදිසි ආපදා තත්ත්වය මත සාමාන්‍ය කාර්යාල කටයුතු පවත්වාගෙන යාමේදී මුහුණ දෙන ගැටලු සැලකිල්ලට ගනිමින් 2025.11.28 සිකුරාදා දිනය රජයේ කාර්යාල සදහා විශේෂ නිවාඩු දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත.

හෙට (28) රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ