තුල්හිරිය සීමාසහිත කාබුල් ලංකා පෞද්ගලික සමාගමේ සහ ජාතික පේෂකර්ම සංස්ථාවට අයත්ව තිබු තුල්හිරිය හා පූගොඩ පේෂකර්මාන්තශාලාවල රැකියා අහිමි වූ මෙතෙක් වන්දි ලබාගෙන නොමැති සේවකයන් 184දෙනකුහට සහන සැලසීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

තුල්හිරිය සීමාසහිත කාබුල් ලංකා පෞද්ගලික සමාගමේ සහ ජාතික පේෂකර්ම සංස්ථාවට අයත්ව තිබු තුල්හිරිය හා පූගොඩ පේෂකර්මාන්තශාලාවල රැකියා අහිමි වූ මෙතෙක් වන්දි ලබාගෙන නොමැති සේවකයන් 184දෙනකුහට සහන සැලසීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මෙම වසරේ ගතවූ මාස 10 තුළ ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය ඇමරිකානු ඩොලර් මිලියන14400 ක සීමාව ඉක්මවන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පවසයි.
තීරණාත්මක වයස් කාණ්ඩයක සිටින පෙර පාසල් දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් විධිමත් පුහුණුවක් සහිත ගුරුවරුන්ගෙන් යුතු රජයේ ලියාපදිංචි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හරහා මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂය මාලා රාමුවට අදාළව ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
දිවයින අශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය හේතුවෙන් උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්වයේ වැඩිවීමක් අද දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇත.
කිසිදු විටක සාම විනිසුරු ක්‍රමය දේශපාලනීකරණය නොකරණ බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
ඉදිකිරීම් වර්ෂ තුනක් තුළ දී අවසන් කිරීමට ද සැලසුම්
පළමු අදියර සඳහා රුපියල් මිලියන 700ක් වෙන් කෙරේ
රට පුරා හඳුන්වාදෙන නව්‍ය ඩිජිටල් විසදුම් යටතේ මෙරට පොදු ප්‍රවාහන සේවාව වෙනුවෙන් නව වැඩසටහනක් අද ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් හඳුන්වා දෙනු ලැබීය.
පසුගිය සතිය තුළ ඉතිහාසයේ ලබාගත් වැඩිම ආදායම් ඉලක්කය වන රුපියල් ට්‍රිලියන 02 ඉක්මවූ ආදායමක් ලබාගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකිවූ බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය පවසයි.
කොළඹදී පැවති ආසියානු ඵලදායිතා සංවිධානය සහ කොරියානු සංවර්ධන ආයතනය විසින් ඉදිරිපත් කරනු ලබන ශ්‍රී ලංකාව සඳහා වන ජාතික ඵලදායිතා ඉදිරි සැලැස්ම සහ ඵලදායිතා විශේෂඥයින් සඳහා වන ප්‍රතීතන සහතිකය ප්‍රකාශයට පත් කිරීමට සමගාමීව, පසුගියදා ( 20) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත ශ්‍රී ලංකාව සඳහා වන ජාතික ඵලදායිතා ඉදිරි සැලැස්ම පිළිගන්වන ලදී.
යාපනය දිස්ත්‍රික්කයෙහි පළමු ගෘහස්ථ ක්‍රීඩාංගනයෙහි ඉදි කිරීම් කටයුතු තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(23) ආරම්භ කෙරිණි.
2025 නොවැම්බර් 20 වන දින, ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි Julie Jiyoon Chung මහත්මිය පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Matthew John Duckworth මහතා 2025 නොවැම්බර් 20 වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
දිවයින අශ්‍රිතව පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය හෙට(25) දිනයේදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතී. ඒ හේතුවෙන් දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු වේ.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.