All Stories

ආපදා කළමණාකරණයට සහය වීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයෙන් සැලසුම්

ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය මගින් ක්‍රියාත්මක වැඩසටහන් වලට සහය දක්වමින් ගතයුතු ක්‍රියාමර්ග පිළිබඳව සාකච්ඡාවක් අද (27.11.2025) දින ග්‍රාමිය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහචාර්ය උපාලි පනිල මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත් වුනා.

ආපදා කළමණාකරණයට සහය වීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයෙන් සැලසුම්

දිස්ත්‍රික්කවලට ගොස් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට යුහුසුළුව මැදිහත්වන්න - ජනපති

ඉදිරි දින දෙක තුළ වර්ධනය වීමට නියමිත අධික වර්ෂාපතනය සමග දැඩි අවදානම් කාලගුණික තත්ත්වයක් මතු වී ඇති බැවින් ජීවිත හානි වළක්වා ගැනීම සහ ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා කඩිනමින් මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආපදාවට සහ අවදානමට ලක්වූ දිස්ත්‍රික්කවල මහජන නියෝජිතයන්ට උපදෙස් දුන්නේය.

දිස්ත්‍රික්කවලට ගොස් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට යුහුසුළුව මැදිහත්වන්න - ජනපති

අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගය අද(27), හෙට(28) සහ අනිද්දා (29) නොපැවැත්වේ

මේ දිනවල දිවයින තුළ ඇති අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ගං වතුරෙන් යටවීම්, මාර්ග අවහිර වීම් ආදී ආපදා තත්ත්වයන් ඇතිවීම හේතුකොට ගෙන අද (27) , හෙට (28) සහ (29) සෙනසුරාදා පැවැත්වීමට නියමිතව තිබෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මෙම දින තුන සදහා නොපැවැත්වෙන බව විභාග කොමසාරිස් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසයි

අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගය අද(27), හෙට(28) සහ අනිද්දා (29) නොපැවැත්වේ

මාර්ගගත ක්‍රමයට රියදුරු බලපත් ලබා දීමේ සේවාව තාවකාලිකව නතර කෙරේ

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් වේරහැර ප්‍රධාන කාර්යාලය සහ දිස්ත්‍රික් කාර්යාලවල මාර්ගගත රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ සේවා සැපයීම තාවකාලිකව අක්‍රිය වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසයි.

මාර්ගගත ක්‍රමයට රියදුරු බලපත් ලබා දීමේ සේවාව තාවකාලිකව නතර කෙරේ