දිස්ත්‍රික්ක 07කට බලපැවැත්වෙන පරිදි නායාමේ අවදානම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දන්වා සිටී.
ඒ අනුව බදුල්ල , කෑගල්ල , කුරුණෑගල, මහනුවර , මාතලේ, මොණරාගල, සහ නුවර-එළිය දිස්ත්‍රික්කවලට ඉවත් වෙන ලෙස දැනුම් දෙන රතු නිවේදනය නිකුත් කර ඇත.
බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, හාලි-ඇළ , කන්දකැටිය , පස්සර , මීගහකිවුල , ඌව පරණගම සහ වැලිමඩ , මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට , උඩපළාත, ගඟවටකෝරළේ, මැදදුම්බර , දෙල්තොට, දොලුව , අකුරණ , උඩුදුම්බර සහ ගඟඉහළකෝරළේ , කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන , අරණායක සහ මාවනැල්ල , කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම , මල්ලවපිටිය සහ මාවතගම ,මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල සහ මැදගම, මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල , විල්ගමුව , අඹන්ගඟකෝරළේ , පල්ලෙපොළ , ලග්ගල පල්ලේගම සහ මාතලේ , නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ බටහිර , නුවරඑළීය , වලපනේ , මතුරට , හඟුරන්කෙත සහ නිල්දණ්ඩහින්න යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ අවට ප්‍රදේශවල ජීවත් වන ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන වැඩිදුරටත් දැනුම් දේ.


