ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය මගින් ක්‍රියාත්මක වැඩසටහන් වලට සහය දක්වමින් ගතයුතු ක්‍රියාමර්ග පිළිබඳව සාකච්ඡාවක් අද (27.11.2025) දින ග්‍රාමිය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහචාර්ය උපාලි පනිල මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත් වුනා.
මෙම අවස්තාවට අමත්‍යාංශයට අනුබද්ධ, ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හා සමාජ සේවා දෙපාර්තමේන්තුව ඇතුළු අමාත්‍යාංශයීය නිළධාරින් පිරිසක් එක්ව සිටියහ.
ඒ අනූව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සියළුම සමෘද්ධි සංවර්ධන නිළධාරීන්, සමාජ සේවා නිළධාරීන්, ප්‍රජා සංවර්ධන නිළධාරින්, උපදේශන නිළධාරීන් ඇතුළු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආයතනයන්හි නිළධාරින් අපදා කළමණාකරන වැඩසටහන් සඳහා වහාම යොමු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට තීරණය කරන ලදි.
එමෙන්ම ජාතික වශයෙන් ක්‍රියාත්මක සහන සැපයීමේ ක්‍රියාවලියට අවශ්‍ය මූල්‍ය සහයෝගය ලබාදීම සඳහා සමෘද්ධි සමාජ ආරක්ෂණ අරමුදල් භාවිතා කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි. තවද ලෝක ආහාර වැඩසටහන යටතේ ආපදා අවස්තාවකදී ආපදාවන්ට ලක්ව ඇති ජනතාවට ලබාදෙන තාවකාලික කූඩාරම්, සහන මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය උපකරණ සහ සනීපාරක්ෂක සේවා වැනි සහන සැපයීම් කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට උපදෙස් ලබාදෙන ලදි.
ආබාධ සහිත පුද්ගලයන් සහ ජ්‍යේෂ්ඨ පුරවැසියන් සිටින පවුල් යම් ආපදාවකට ලක්ව තිබේනම් ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙස සියළුම නිළධාරින් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසට ද අමාත්‍යවරයා උපදෙස් ලබාදෙන ලදි.


