අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගය අද(27), හෙට(28) සහ අනිද්දා (29) නොපැවැත්වේ

අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගය අද(27), හෙට(28) සහ අනිද්දා (29) නොපැවැත්වේ
  • SocialShare:

මේ දිනවල දිවයින තුළ ඇති අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ගං වතුරෙන් යටවීම්, මාර්ග අවහිර වීම් ආදී ආපදා තත්ත්වයන් ඇතිවීම හේතුකොට ගෙන අද (27) , හෙට (28) සහ (29) සෙනසුරාදා පැවැත්වීමට නියමිතව තිබෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මෙම දින තුන සදහා නොපැවැත්වෙන බව විභාග කොමසාරිස් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසයි

අද (27) නිවේදනයක් නිකුත් කරමින් බව විභාග කොමසාරිස් ඉන්දිකා ලියනගේ මහත්මිය මේ බව පැවසුවාය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර ඉදිරි කාලගුණ තත්ත්වය අනූව ඉරිදා දිනය වන විට කාලගුණය යම් යහපත් තත්ත්වයකට පත්වේ යැයි බලාපොරොත්තු වන බවද ඒ අනූව සදුදා දිනට නියමිත කාලසටහනට අනූව සදුදා දින සිට ඉදිරියට කාලසටහනට අනුකූලව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයිද පැවසුවාය.

මෙම දින තුනට අදාලව කල් දමන ලද විභාග දෙසැම්බර් 07, 08 සහ 09 දිනයන්හි පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයිද ඉදිරි කාලගුණ තත්ත්වයන් පිළිබදව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු සියලුම අංශ සමග සාකච්ඡා කරගනිමින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු සියලුම දිස්ත්‍රික්ක වලින් ලැබෙන තොරතුරු අනූව ඉදිරියේදී විභාගය බාධාවකින් තොරව පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කරමින් පවතින බවද අවධාරණය කළාය.