“සතුටු රටක් ක්ලීන් ශ්‍රී ලංකා ගමින් ගමට” ජාතික වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන “ක්ලීන් ශ්‍රී ලංකා” ජංගම සේවා සහ විශේෂ ජන සත්කාරක වැඩසටහන් මාලාවේ නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන හැටන් දුම්රිය ස්ථාන නව ගොඩනැගිලි පරිශ්‍රයේදී විශාල ජනතාවකට සෙත සලසමින් අද (23) සාර්ථකව පැවැත්විණි.


