ආපදාවට ලක් වූ ප්‍රදේශවල උසස් පෙළ විභාගය‌ට පෙනී සිටින දරු දැරියන්ට විශේෂ ප්‍රවාහන පහසුකම්

 ආපදාවට ලක් වූ ප්‍රදේශවල උසස් පෙළ විභාගය‌ට පෙනී  සිටින දරු දැරියන්ට විශේෂ ප්‍රවාහන පහසුකම්
  • SocialShare:

ගාල්ල , මාතර දිස්ත්‍රික්ක දෙකෙහි ස්ථාන කීපයක් ජලයෙන් යට වීම නිසා ගමනාගමන අපහසුතාවයන්ට ලක් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් දැනුම් දී තිබේ.

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින පාසල් දරු දැරියන්ට විභාග මධ්‍යස්ථාන වෙත ළඟා වීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් බෝට්ටු කීපයක් යොදවා ඇති අතර ඒ අනුව මේ වනවිට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාාමාර්ග ගනිමින් පවතින බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.