All Stories

රජයේ දැක්ම අදහස් අවස්ථා බවට පත්වන ආයෝජන ආකර්ෂණය කරගන්නා රටක් නිර්මාණය කිරීමයි - අගමැතිනිය

රජයේ දැක්ම වන්නේ අදහස්, අවස්ථා බවට පත්වන, ආයෝජන ආකර්ෂණය කරගන්නා නවෝත්පාදනයන් සහ පුරවැසියන්ට එහි ප්‍රතිලාභ ලබාගත හැකි රටක් නිර්මාණය කිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

රජයේ දැක්ම අදහස් අවස්ථා බවට පත්වන ආයෝජන ආකර්ෂණය කරගන්නා රටක් නිර්මාණය කිරීමයි - අගමැතිනිය

ඉස්සන් කර්මාන්තය සඳහා තොරතුරු පද්ධතියක් දියත් කෙරේ

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සහ ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) එක්ව ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉස්සන් කර්මාන්ත තොරතුරු පද්ධතිය (SIIS) දියත් කර ඇත.

ඉස්සන් කර්මාන්තය සඳහා තොරතුරු පද්ධතියක් දියත් කෙරේ

ධීවර අංශයේ ශීතකල සහ අධි ශීතකල මත්ස්‍යය නිශ්පාදන සංවර්ධනයට සාකච්ඡා

ශ්‍රී ලංකා ධීවර අංශයේ  Cold Chain (ශීතකල සහ අධි ශීතකල මත්ස්‍යය නිශ්පාදන ) සංවර්ධනයට සහ පද්ධති නවීකරණයට, ලෝක බැංකු කණ්ඩායමක් සහ නෙදර්ලන්තයේ වෑගෙනිංගන් (Wageningen) විශ්වවිද්‍යාලයේ විශේෂඥයින් පිරිසක්, ධීවර අමාත්‍යවරයා සමඟ ඉතා වැදගත්  සාකච්ඡාවක් පැවැත්වීය.

ධීවර අංශයේ  ශීතකල සහ අධි ශීතකල මත්ස්‍යය නිශ්පාදන සංවර්ධනයට සාකච්ඡා

ලෝක ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය පිළිබඳව දැනුවත් කිරීමේ සතියට සමගාමීව ජාතික උත්සවයක්

ලෝක ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය දැනුවත් කිරීමේ සතිය - 2025 (World Antimicrobial Resistance Awareness Week – WAAW- 2025) නොවැම්බර් 18 සිට 24 දින දක්වා යෙදී ඇත.

ලෝක ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය පිළිබඳව දැනුවත් කිරීමේ සතියට සමගාමීව ජාතික උත්සවයක්

සහතිකවලට සීමාවූ උගත්කම් වලින් රටටත් ජනතාවටත් ප්‍රයෝජනයක් නැහැ - ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන

"වර්තමානයේ දුම්රිය ධාවනය ගැන බැලුවම දෛනිකව අවලංගු වන දුම්රිය ගමන්වාර විශාලයි. එක දුම්රියක් අවලංගු වනවා කියන්නේ රටට, සමාජයට වගේම පුද්ගලිකව ජනතාව විශාල පාඩුවක් සිදුවෙන්නේ. මේ හේතූන් නිසාම දුම්රිය සම්බන්ධයෙන් හොඳ ප්‍රතිරූපයක් නෙමෙයි ජනතාව තුළ ගොඩනැගිලා තිබෙන්නේ. දුම්රිය බාර ඇමති විදියට මටත් එවැනිම අපැහැදිළි ප්‍රතිරූපයක් තමයි සමාජය තුළ ගොඩනැගිලා ඇත්තේ. සහතිකවලට සීමාවූ උගත්කම් වලින් රටට, ජනතාවට ප්‍රයෝජනයක්  නැහැ. අපේ නම්බුනාම හෝ වැටුපෙන් ඔවුන්ට වැඩක් නැහැ. ජනතාවගේ අවශ්‍යතා මත පදනම් වී, ක්ෂණිකව ඒ වෙනුවෙන් ක්‍රියාත්මක විමයි ජනතාවට වැදගත්ම සාධකය වන්නේ. දුම්රිය සේවයේ ගුණාත්මකබව රැකගත හැකි ප්‍රධානම කොටස් අතරින් දෙකක් තමයි රියදුරන් සහ නියාමකවරුන්. ඒ තරම් වැදගත්වූ රැකියාවකට තමයි අද ඔබ මේ පිවිසෙන්නේ" යැයි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අවධාරණය කරයි.

සහතිකවලට සීමාවූ උගත්කම් වලින් රටටත් ජනතාවටත් ප්‍රයෝජනයක්  නැහැ - ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන