පහළ කඩුගන්නාව මාර්ගය භාවිතා කරන විභාග අපේක්ෂකයින් විකල්ප මාර්ග භාවිතා කරන්න

පහළ කඩුගන්නාව මාර්ගය භාවිතා කරන විභාග අපේක්ෂකයින් විකල්ප මාර්ග භාවිතා කරන්න
  • SocialShare:

කොලඹ නුවර ප්‍රධාන මාර්ගයේ පහල කඩුගන්නාව ප්‍රදේශයේ පවතින නාය යාම් හා තව දුරටත් ගල් කඩා වැටීමට අවදානමක් පවතින බැවින් එම කොටසේ මාර්ගය සම්පූර්ණයෙන් වසා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

ආපදා හේතුවෙන් විභාගයට යාමට අපහසුතා ඇති දරුවන් මාවනැල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ 0718015380 හෝ   අධ්‍යාපන අධ්‍යක්‍ෂ 071816641 යන දුරකථන අංක අමතන ලෙස ද මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එසේ නැතිනම් 117 දුරකථන අංකයට දන්වන්න.

මෙම ප්‍රදේශය හරහා ගමන් කරන සිසුන් විකල්ප මාර්ග භාවිත කිරීමට කටයුතු කරන ලෙසත් උදැසනින් විභාග මාධ්‍යස්ථාන වෙත ගමන් කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.