නිෂ්පාදන පිරිවැය මත පදනම්ව බඩඉරිඟු සඳහා සහතික මිලක් නියම කිරීමත්, අස්වනු මිලදී ගැනීමට රජය මැදිහත් වීමත්,ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීමත් සම්බන්ධයෙන් ගොවීන්ගේ අදහස් යෝජනා සළකා බලා කටයුතු කරන බව කෘෂිකර්ම පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.


