‘ප්‍රජා ශක්ති’ දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන් සහ අනෙකුත් පාර්ශ්වයන් දැනුවත් කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමේ පුහුණු සංචිත ස්ථාපිත කිරීම සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීමේ නේවාසික වැඩමුළුව දෙවන දිනටත් අද (26) නැගෙනහිර පළාත් සභා කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනයේදී පැවැත්වේ.
මේ සඳහා අම්පාර, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්හි සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි නිලධාරීන් සහ පළාත් සභා කාර්යාල නියෝජනය කරමින් දෙමළ මාධ්‍ය නිලධාරීන් 41 සහ සිංහල මාධ්‍ය නිලධාරීන් 13ක් ඇතුළු නිලධාරීන් 54 ක් සහභාගී වේ.
මෙම වැඩමුළුව ප්‍රජා ශක්ති ලේකම් කාර්යාලය සහ ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය ඒකාබද්ධව සිදුකරන අතර ප්‍රජා ශක්ති ලේකම් කාර්යාලයේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරින් විසින් මේ සඳහා සම්පත් දායකත්වය ලබා දෙනු ලබයි.


