ආචාර ධර්ම සංග්‍රහය සකස් කිරීම පිළිබඳ අභ්‍යන්තර කටයුතු ඒකක (IAU) සඳහා වැඩමුළුවක් අද (26) ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අරලිය ගහ මන්දිරයේ දී සංවිධානය කරන ලදී.
‘සුපිළිපන් දේශයක් කරා' යන තේමාව යටතේ සංවිධානය කරන ලද මෙම වැඩමුළුව අමතමින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ රාජ්‍ය සේවකයින් තුළ සුපිළිපන්න බව වර්ධනය කිරීම සහ රැක ගැනීම සඳහා සෑම රාජ්‍ය ආයතනයකම අභ්‍යන්තර කටයුතු ඒකක ස්ථාපිත කරන බවයි.
පළමු අදියර යටතේ රාජ්‍ය ආයතන 107 ක අභ්‍යන්තර කටයුතු ඒකක ස්ථාපනය කර ඇති බවද දෙවන අදියර යටතේ තවත් රාජ්‍ය ආයතන 250 ක අභ්‍යන්තර කටයුතු ඒකක ස්ථාපිත කිරීමට චක්‍රලේඛ උපදෙස් නිකුත් කර ඇති බවද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
මෙම ඒකක පිහිටුවීම මෙන්ම රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ආචාර ධර්ම පද්ධතියක් ගොඩ නැගීම තුළින් පරිපාලන කටයුතු පවත්වාගෙන යාම වඩාත් පහසු කරවන බවද ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේය.
ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ මෙනවිය සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ප්‍රසන්න චන්දිත්, ආයතන අධ්‍යක්ෂ ජනරාල් චන්දන කුමාරසිංහ, සර්වෝදය සංවර්ධන මූල්‍ය ආයතනයේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂක නන්දික බුද්ධිපාල යන මහත්වරුද මෙහිදී දේශන පැවැත්වූහ.


