යාපනය දිස්ත්‍රික්කයේ පළමු ගෘහස්ථ ක්‍රීඩාංගනයේ ඉදි කිරීම් ඇරඹේ

යාපනය දිස්ත්‍රික්කයේ පළමු ගෘහස්ථ ක්‍රීඩාංගනයේ ඉදි කිරීම් ඇරඹේ
  • SocialShare:

යාපනය දිස්ත්‍රික්කයෙහි පළමු ගෘහස්ථ ක්‍රීඩාංගනයෙහි ඉදි කිරීම් කටයුතු  තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(23) ආරම්භ කෙරිණි.

පාසල්වල සහ ක්‍රීඩා සමාජවල මේස පන්දු, ටෙනිස්, බැඩ්මින්ටන්, නෙට්බෝල් සහ චෙස් වැනි ගෘහස්ථ ක්‍රීඩාවන් සංවර්ධනය කිරීම අරමුණු කරගෙන යාපනය දිස්ත්‍රික්කයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබුණි.

මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය, පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක, පාර්ලි⁣මේන්තු මන්ත්‍රී කේ. ඉලංකුමාරන්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වී.ප්‍රේමචන්දිරන්, යාපනය දිස්ත්‍රික් ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් මෙම අවස්ථාවට සහභාගී විය.