කළු ගඟ පිටාර මට්ටමට ආසන්නයි ඉදිරි පැය කිහිපය තුළ මහ ගංවතුර තත්වයක් ඇතිවිය හැකියි

කළු ගඟ පිටාර මට්ටමට ආසන්නයි  ඉදිරි පැය කිහිපය තුළ මහ ගංවතුර තත්වයක් ඇතිවිය හැකියි
  • SocialShare:

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් නඩත්තු කරන ජලමාපක විශ්ලේෂණවලට අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල , නිවිතිගල, රත්නපුර , කුරුවිට , අයගම , ඇලපාත සහ කළුතර දිස්ත්‍රික්කයේ කළුතර , ඉංගිරිය , හොරණ , දොඩංගොඩ , මිල්ලනිය, බුලත්සිංහල, පාලින්දනුවර , මදුරාවල , අගලවත්ත ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්වලට මහ ගංවතුර තත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ අනුව මෙම ප්‍රදේශවල ජීවත්වන ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් හා මගීන් ද අවධානයෙන් පසුවන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ .