අග්‍රාමාත්‍යතුමිය කටාර් රාජකීය පවුල වෙත සිය ශෝකය පළ කරයි

අග්‍රාමාත්‍යතුමිය කටාර් රාජකීය පවුල වෙත සිය ශෝකය පළ කරයි
  • SocialShare:

කටාර් රාජ්‍යයේ හිටපු (Father Amir) ෂෙයික් හමාඩ් බින් කලීෆා අල්-තානි (His Highness Sheikh Hamad bin Khalifa Al-Thani) මහතාගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ශෝකය ප්‍රකාශ කිරීම සඳහා කටාර් රාජ්‍ය වෙත ගිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජුලි 15 වන දින අල් වජ්බා (Al Wajba) මාලිගය වෙත පැමිණියාය.

කටාර් රාජ්‍යයේ අමීර්වරයාගේ මෑණියන් මෙන්ම කටාර් පදනමේ (Qatar Foundation) සභාපතිනිය ද වන ෂෙයිකා මෝසා බින්ට් නසාර් (Her Highness Sheikha Moza bint Nasser) වෙත සිය බලවත් ශෝකය ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යතුමිය, අභාවප්‍රාප්ත හිටපු අමීර්වරයාගේ (Father Amir) දියණියන් වන ෂෙයිකා අල් මයාසා බින්ට් හමාඩ් අල් තානි (Her Excellency Sheikha Al Mayassa bint Hamad Al Thani) කුමරිය සහ ෂෙයිකා හින්ද් බින්ට් හමාඩ් අල් තානි (Her Excellently Sheikha Hind bint Hamad Al Thani) කුමරිය වෙත මෙන්ම රාජකීය පවුලේ සෙසු සාමාජිකයින් වෙත හා කටාර් රාජ්‍යයේ සමාජ සංවර්ධන හා පවුල් කටයුතු පිළිබඳ අමාත්‍යවරිය වන බුතයිනා බින්ට් අලි අල් ජබර් අල් නුඅයිමි (Buthaina bint Ali Al Jabr Al Nuaimi) මහත්මිය වෙතද සිය ශෝකය පළ කර සිටියාය.