අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යාල ඇතුලු ජාතික උද්‍යාන රැසක් වැසේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යාල ඇතුලු ජාතික උද්‍යාන රැසක් වැසේ
  • SocialShare:

දිවයිනේ පවත්නා වැසි සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ කලාප අංක 01, 02, 03, 04, සහ 05 සංචාරකයින් සඳහා වසා ඇති බවත්  කලාප අංක 06 කළු පාලම ප්‍රවේශ මාර්ගය පමණක් සංචාරකයින් සඳහා විවෘතව ඇති බවත් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය, වස්ගමුව ජාතික උද්‍යානය. කුමන ජාතික උද්‍යානය, විල්පත්තුව ජාතික උද්‍යානය, මින්නේරිය ජාතික උද්‍යානය සහ කවුඩුල්ල ජාතික උද්‍යානය නැවත දැනුම් දෙන තුරු සංචාරකයින් සඳහා මුළුමනින්ම වසා ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සංචාරකයින් වෙත දන්වනු ලබයි.

මේ දිනවල ඉහත ජාතික උද්‍යානවල සංචාරක නිවාස වෙන්කරන ලද සංචාරකයින්ටද එම වෙන්කරවා ගැනීම් පසු දිනකදි සිදුකරවා ගත හැක.