පවත්නා අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් 2025 11.28 හා 2025.11.30 යන දෙදින පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තක (සිංහල/ඉංග්‍රීසි ) , (සිංහල /දෙමළ ) හා (දෙමළ / ඉංග්‍රීසි) II ශ්‍රේණියේ තනතුරු සඳහා බඳවා ගැනීමේ විවෘත / සිමිත තරඟ විභාගය දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදු වන බව රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි.
එසේම විභාගය පැවැත්වෙන දින පිළිබඳව ඉදිරියේ දී විභාග අපේක්ෂකයන් දැනුවත් කිරීමට කටයුතු කරන බවද දැනුම් දේ.


