කැලණි ගංවතුර ආරක්ෂණ වේල්ල පුපුරා යාමේ අවදානමක් නැහැ - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

කැලණි ගංවතුර ආරක්ෂණ වේල්ල පුපුරා යාමේ අවදානමක් නැහැ - වාරිමාර්ග දෙපාර්තමේන්තුව
  • SocialShare:

කැලණි ගඟේ දකුණු ඉවුරේ කැලණි ගංවතුර ආරක්ෂණ වේල්ල පුපුරා යාමේ අවදානමක් ඇති බවට පළවන සමාජ මාධ්‍ය වාර්තා අසත්‍ය බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කොළඹ කලාපයේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු සුදර්ශනී විදානපතිරණ මහත්මිය පවසයි.

ඒ ආකාරයේ අවදානම් තත්වයක් නොමැති බවත් එම ස්ථානයේ පැවැති සුළු වතුර කාන්දුවට අවශ්‍ය පියවර වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගෙන ඇති බවත් ඒ සුදර්ශනී මහත්මිය වැඩිදුරටත් සඳහන් කරයි.