අඹතලේ ගංවතුර පාලන වේල්ලේ පිටාර ගැලීමක් - ආරක්ෂිත පියවර අනුගමනය කරන්න

අඹතලේ ගංවතුර පාලන වේල්ලේ පිටාර ගැලීමක් - ආරක්ෂිත පියවර අනුගමනය කරන්න
  • SocialShare:

කැලණි ග‌‌ගේ ජල මට්ටම තවදුරටත් ඉහළ යාම සිදුවීමෙන් අඹතලේ ගංවතුර පාලන වේල්ලේ පිටාර ගැලීමක් සිදුවන බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව නිවේදනය කරයි.

වේල්ලේ සහ මාළඹේ - කඩුවෙල ප්‍රධාන මාර්ගය අතර සහ ඉන් ඉහළ පිහිටි පහත් බිම් වල වෙසෙන මහජනතාව කඩිනමින් දැනුවත් කිරීම් සිදුකර සුදුසු ආරක්ෂිත පියවර ගන්නා ලෙසට එම නිවේදනය මගින් පැවසේ.