පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක් අද (නොවැම්බර් මස 30) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
උතුර, උතුරුමැද, වයඹ, බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.
උතුරු, උතුරු-මැද, සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. (50-60) දක්වා වන ඉතා තද සුළං ඇතිවිය හැක.
තද සුළං මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


