දිත්වා සුළි කුණාටවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියනක් මානුෂීය ආධාර වශයෙන් ලබා දීමට ඕස්ට්‍රේලියානු රජය පියවර ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය පවසයි.
මෙම අසීරු අවස්ථාවේ දී ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාවට සහය දක්වන බවත් ඒ අනුව අවතැන් ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ඉතා ඉක්මනින් ලබා දීමට කටයුතු කරන බවද එම නිවේදනයේ සඳහන් කර ඇත.
එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානය , රාජ්‍ය නොවන සංවිධාන සමග එක්ව උපකාර සඳහා එක්වන බවද රජයෙන් ලබා දෙන මානුෂීය අධාරවලට අමතරව එරට ජනතාවද විපතට පත් ප්‍රදේශවල ජනතාවට මානුෂීය ආධාර ලබා දෙන බවද වැඩිදුරටත් දැක්වේ.මෙම මානුෂීය ආධාර ලබා දීමේදී ආබාධ සහිත පුද්ගලයන්, කාන්තාවන් සහ දරුවන්ට ප්‍රමුඛතාවය ලබා දෙන බවද මෙම නිවේදනයේ සඳහන් වේ.


