ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) හා මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය ගංවතුරට යට වෙමින් පවතින බවට පැතිර යන සමාජ මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යයය බවද එම රෝහල් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
මුල්ලේරියාව රෝහලේ සිට සෑහෙන ප්‍රමාණයක දුරින් ගංවතුර තත්වය පැවැතුනද ඉන් රෝහල් කටයුතු වලට බාධාවක් සිදුව නොමැති බවද වැඩිදුරටත් පවසයි.
අසත්‍ය සමාජ මාධ්‍ය වාර්තා වලින් කලබලයට පත් නොවන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී. මේ සම්බන්ධයෙන් වැඩිවිස්තර අවශ්‍ය නම් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ස්ථාපිත කර ඇති ක්ෂණික දුරකථන අංකය වන 1926 පැය 24 පුරා ඇමතිය හැකිය.


